ෆ්ලයිඩුබායි සහායක නියමුවාගේ අරමුණ 9-11 වැනි ප්‍රහාරයක්
ෆ්ලයිඩුබායි ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායකයක නියමුවා එම යානය ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන් තොටුපළේ හෝ එම ඊශ්‍රායල නගරයේ පිහිටි උස් ගොඩනැගිල්ලක ගැටීමට සැලසුම් කර තිබූ බව ඇමරිකානු සහ ඊශ්‍රායල වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවලට අනුව, ඕමාන ජාතිකයා "තනිව ක්‍රියාත්මක වන" අන්තවාදියෙකි.
ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ FZ1073 දරන ගුවන් යානය තුළදී "ත්‍රස්තවාදී ක්‍රියාවක්" සිදු කිරීමට මෙම නියමු සහායකයා උත්සාහ කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ගුවන් යානයේ නියමු කුටියේ තබා තිබූ හදිසි අවස්ථා සඳහා යොදාගන්නා පොරවකින් ප්‍රහාර එල්ල කර නියමුවා තුවාල කිරීමට ඔහු කටයුතු කළ අතර, පසුව මගීන් විසින් ඔහුව පාලනය කරනු ලැබීය. එම යානයේ ගමන් ගත් තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට යානය සෞදි අරාබිය වෙත ගොඩබෑමට හැකි විය.
මෙම නියමු සහායකයා "ඉස්ලාමීය අන්තවාදී මතවාදයන්ට" යොමු වී සිටි බවත්, නියමුවා, මගීන් සහ දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා එක්ව "9/11 වර්ගයේ ව්‍යසනයක්" වළක්වා ගත් බවත් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
